My photo
CHARM EASY GOING PERSON.

Wednesday, August 3, 2016

Mighty support please.

 කොළඹ හදවතට අන්තිමයි ඒමන්ති මාරඹේ කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ පවතින ශල්‍යාගාර තුනෙන් දෙකක්‌ අලුත්වැඩියා කටයුතු සඳහා වසා දමා තිබීම හේතුවෙන් බයිපාස්‌ ඇතුළු හදවත් සැත්කම් අපේක්‍ෂාවෙන් හෘද ශල්‍ය ඒකක වාට්‌ටුවල සිටින රෝගීන් 40 දෙනකුගේ හා පොරොත්තු ලේඛනයෙහි (වේටින් ලිස්‌ට්‌) සිටින රෝගීන් දහස්‌ ගණනකගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම තත්ත්වය මත රෝගීන්ගේ හදවත් සැත්කම් සිදුකිරීම තවත් මාස දෙකකින් පමණ කල් යන තත්ත්වයක්‌ පවතින බව එම ආරංචි මාර්ග පැවසීය. අබලන් තත්ත්වයේ පැවැතීම මත අලුත්වැඩියා කිරීම සඳහා මෙම ශල්‍යාගාර වසා දමා ඇත්තේ මාස දෙකකට පමණ පෙර වන අතර ඒවායේ අලුත්වැඩියා කටයුතු නිමවීමට තවත් මාස දෙකක කාලයක්‌ ගතවනු ඇතැයි මේ පිළිබඳව කළ විමසුමකදී ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා 'දිවයින' ට පැවසීය. දැනට විවෘතව පවතින හෘද ශල්‍ය ඒකක ශල්‍යාගාරයෙහි හදිසි හදවත් සැත්කම් පමණක්‌ සිදු කෙරෙන බව ඔහු අවධාරණය කළේය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝහල්වලින් හදවත් සැත්කම් සඳහා දිනපතාම කොළඹ ජාතික රෝහලට රෝගීන් මාරු කර එවන අතර ශල්‍යාගාර දෙකක්‌ වසා දැමීම මත ජාතික රෝහල් හෘද ශල්‍ය ඒකකයේ දැඩි රෝගී තදබදයක්‌ පවතින බව වාර්තා වේ. වසර ගණනක්‌ දික්‌ව පවතින හදවත් සැත්කම් පොරොත්තු ලේඛනයේ සිටියදීම සැත්කම් පමාවෙන් රෝගීන් මියයමින් සිටින තත්ත්වයක මෙසේ ශල්‍යාගාර අලුත්වැඩියා කටයුතු සඳහා යෑයි පවසමින් මාස ගණනක්‌ වසා දැමීමෙන් එම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ජාතික රෝහලේ හදවත් රෝගී එකමුතුව සංවිධානය පවසයි.  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

No comments:

Post a Comment

Have a fantastic day.