My photo
CHARM EASY GOING PERSON.

Wednesday, February 15, 2017

Your mighty support please.thanks.

විහාරස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ මොනරගල නමැති කුඩා ග්‍රාමයේ අඩි පන්සියයක් පමණ උස විශාල ගල්තලාවක් මත මොනරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය පිහිටා තිබේ. ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙලිගොඩ ශාන්තරතන ස්වාමීන් වහන්සේ මොනරගල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ නිර්මාතෘවරයාණෝ වෙති. ඉතා දුෂ්කරතා මධ්‍යයේ ගම්වාසීන්ගේ ආධාරයෙන් ඉතා කුඩා සංඝාවාසයක් හා බණ මඩුවකින් උන්වහන්සේ 2008 වර්ෂයේ දී එම විහාරස්ථානය ආරම්භ කළහ. නිස්කලංක, රමණීය පරිසරය හේතුවෙන් එම ස්ථානයේ විහාරස්ථානයක් ඉදිකිරීමට ඉතා යෝග්‍ය යැයි උන්වහන්සේ තීරණය කර ඇත. පර්චස් තිහක පමණ භූමි ප්‍රමාණයක මෙම විහාරස්ථානය පිහිටා ඇත. විහාරස්ථ භූමිය බණ භාවනා කටයුතු සඳහා කදිම පුදබිමකි. බෝධීන් වහන්සේ, බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩවසන කුඩා බුද්ධ මන්දිරය හා බණ මඩුවකින් සමන්විත වේ. වර්තමානයේ මෙම ස්ථානයේ එක් භික්ෂුවකට පමණක් වැඩවිසිය හැකි කුඩා සංඝාවාසයක් ද වේ. මෙහි අඩි පන්සියයක් පමණ උස කන්ද මුදුනේ සැදැහැති බෞද්ධයන්ට වැඳ නමස්කාර කිරීම් පිණිස චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට අදහස් කරන ශාන්තරතන හිමියන් ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටිති. ඒ සඳහා දායකවීමට කැමති පින්වතුන්ට ආරාධනා කරන බවට උන්වහන්සේ පවසති. දුරුතු අමාවක පෝය දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.  අමාවක පෙබරවාරි 08 පුර අටවක පෙබරවාරි 15 පසෙලාස්වක පෙබරවාරි 22 අව අටවක මාර්තු 01 2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස් |  PRINTABLE VIEW |   මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් | © 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk 

No comments:

Post a Comment

Have a fantastic day.