My photo
CHARM EASY GOING PERSON.

Tuesday, June 7, 2016

Less walk, less gravity in the brain, less air in the lungs, poor health, poor concentration , high anger, disaster ahead.

පිටි, තෙල්, සීනි අඩංගු ආහාර අධිකව ගැනීම හා පලතුරු අඩුවෙන් කෑමෙන් ජනතාව රෝගී වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය කියයි ඒමන්ති මාරඹේ

ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනකු පිටි, තෙල් හා සීනි අධික ආහාර වර්ග දෛනිකව පරිභෝජනය කිරීම හා පලතුරු අඩුවෙන් අනුභව කිරීම යන කරුණු හේතුවෙන් තරබාරු බව ඇතුළු පෝෂණ ඌණතා රෝග හා බෝ නොවන රෝගවලට වැඩි වශයෙන් ගොදුරු වෙමින් පවතින බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශයේ පෝෂණ අංශය පවසයි. මෑතකදී සිදුකරන සමීක්‍ෂණවලට අනුව මෙරට ජනතාව වැඩි දෙනෙකු දෛනිකව පරිභෝජනය කරනු ලබන ආහාර වර්ග වැඩි වශයෙන් පිටි, තෙල් හා සීනි අඩංගු ඒවා වන අතර පානයන්ද සීනි අධික ඒවා බව හෙලිවී ඇති බව පෙන්වා දෙන පෝෂණ අංශය එළවළු පරිභෝජනය ඉහළ ගොස්‌ ඇතත් පලතුරු පරිභෝජනය පහළ යමින් පවතින බව අවාධාරණය කර සිටී. මෙම තත්ත්වය මත වයස අවුරුදු 18 ත් 59 ත් අතර කාන්තාවන් සියයට 24.6 ක්‌ නියමිත ශරීර බරට වඩා අධිබරකින් යුතු වන අතර සියයට 6.9 ක්‌ ස්‌ථුල භාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ පෝෂණ අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය බානු- විෙ-තිලක මහතා පැවැසීය. එම වයස්‌ කාණ්‌ඩයට අයත් (18-59) පිරිමින්ගෙන් සියයට 16.2 ක්‌ කෘෂ භාවයෙන්ද, සියයට 22 ක්‌ අධි බරින් හා සියයට 4.2 ක්‌ ස්‌ථුලභාවයෙන් පෙළෙන බවද හෙතෙම අවධාරණය කළේය. මාස 6 ත් 59 අතර ළදරුවන්ගෙන් සියයට 17.9 ක්‌ අඩු බරින් පෙළෙන බවද අනාවරණය කෙරිණි. මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 15.1 ක්‌ රක්‌ත හීනතාවයෙන් පෙළෙන බව වෛද්‍ය විෙ-තිලක කීවේය. මෙම පෝෂණ ගැටළු ආශ්‍රිත තත්ත්වයන් වළක්‌වා ගැනීම සඳහා දිනපතා එළවලු වර්ග 3 ක්‌ හා පලතුරු වර්ග 2 ක්‌ (ග්‍රෑම් 400 ක) අනුභව කිරීම, දෛනිකව භාවිත කරන සීනි ප්‍රමාණය තේ හැඳි 6 කට සීමා කිරීම, දිනකට භාවිත කරන ලුණු ප්‍රමාණය තේ හැන්දකට (ග්‍රැම් 5) සීමා කිරීම, යන කරුණු කෙරෙහි සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

No comments:

Post a Comment

Have a fantastic day.