My photo
CHARM EASY GOING PERSON.

Tuesday, May 17, 2016

Beyond ananthaya

 ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවන්ට මාරකයක්

2016 මැයි මස 13 20:19:14 | අකිල බද්දෙවිතාන   පරිසරයට තදින් බලපාන ගැටළුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්ගරු ගහනය අඩු කිරීමට කැන්ගරුවන් 1900ක් එළැඹෙන සඳුදා (16) මරා දැමීමට නියමිත බව එරට ආරංචි පවසයි. කැන්ගරුවන් පාලනය කිරීමේ වාර්ෂික නියමය පරිදි මෙම තීරණය ගෙන ඇතැයි කියති. ඕස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරා හි භූමි ප්‍රදේශවල තෝරාගත් සංචිත 10කින් කැන්ගරුවන් 1991ක් එසේ මරා දැමෙනු ඇතැයි වාර්තාවේ. මෙය කැන්ගරුවන් සමූල ඝාතනයක් නොවන බවත් තිරසාර සත්ත්ව පැවැත්මක් සඳහා කරන්නක් බවත් එය දිගින් දිගටම කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඕස්ට්‍රේලියා රජය පවසයි. අගෝස්තු 1 වැනිදා වනවිට මෙම කැන්ගරුවන් ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙයි. කැන්ගරු ගහනය පාලනය සඳහා බෙහෙත් හා වෙනත් උපක්‍රම මේවනවිට පරීක්ෂණ මට්ටමේ පවතින බවත් එරට පාරිසරික බලධාරීහු කියති. පසුගිය වසර දෙක ඇතුළත කැන්ගරුවන් 4000ක් පමණ මරා දැමුණු බව එරට මාධ්‍ය වාර්තා කියයි.

No comments:

Post a Comment

Have a fantastic day.