My photo
CHARM EASY GOING PERSON.

Tuesday, May 17, 2016

Shadow , thoughts, health, it is yours.


Thoughts govern the universe. Eye, ear, nose, toung,  body ( indriya control should be a must, to control your thoughts, as per lord Buddha's teachings ).

As your hand fingers are different to each other, it fits your needs naturally.

Time to time there can be  problems due to various reasons.

ඇදුම රෝගයෙන් වසරකට දහසක්‌ මරුට ඒමන්ති මාරඹේ රෝග ලක්‍ෂණ ප්‍රමාද වී හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවීම හේතුවෙන් වාර්ෂිකව රජයේ රෝහල්වලට ඇතුළත් කරනු ලබන ඇදුම රෝගයට ගොදුරු වූවන් 1000 ක්‌ පමණ දෙනා මියයන බව කොළඹ මධ්‍යම ළය රෝග ප්‍රතිකාර සායනයේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ඊයේ (16 දා) පැවැසීය. රෝහල්ගත නොවී රෝගය උත්සන්න වීමෙන් මිය යන ඇදුම රෝගීන්ගේ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බවත් මෙරට මුළු ජනගහනයෙන් සියයට 20 ක පමණ ප්‍රතිශතයක්‌ එනම් මිලියනයකට අධික සංඛ්‍යාවක්‌ ඇදුම රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි වෛද්‍ය ගුණසේකර කීවේය. මිලියනයකට අධික සංඛ්‍යාවක්‌ ඇදුම රෝග තත්ත්වයෙන් පෙළුණද වාර්ෂිකව ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට ඇතුළත් වනුයේ දෙලක්‍ෂයක පමණ පිරිසක්‌ බවද ඔහු අනාවරණය කළේය. වයස අවුරුදු 10-13 වයස්‌ කාණ්‌ඩයට අයත් වූවන් මෙන්ම වැඩිහිටියන් වැඩි වශයෙන් ඇදුම රෝගයට ගොදුරුවන බව අනාවරණය වී ඇති අතර ඇදුම කාරකය වනුයේ පියවි ඇසට නොපෙනෙන කුඩා කෘමියෙකු වන මෙට්‌ට, කාපට්‌ (බුමුතුරුණු) ඇඳ ඇතිරිලි, මදුරු දැල්, රෙදි, පුළුන් වැනි දැවලින් තැනූ සෙල්ලම් බඩුවල ගැවසෙන ගෘහාශ්‍රිත මයිටාවන් හෙවත් දූවිලි මැක්‌කන් බව හෙතෙම සඳහන් කළේය. කැරපොත්තන්ගේa මළපහ හා මියගිය කැරපොතු කොටස්‌, සිගරට්‌ දුම හා පරිසරයෙහි ඇති වෙනත් දුම් වර්ග, වායු දූෂණය, සක්‍රීය හා අක්‍රීය දුම්පානය, මදුරු නාශක, කොයිල් වර්ග, මැට්‌ වර්ග, සුවඳ කාරක ද්‍රව්‍ය, සැර වායු වර්ග, ලොම් සහිත සතුන්, දිලීර වර්ග, ඇතැම් බෙහෙත් වර්ග, කාලගුණයේ වෙනස්‌වීම්, ව්‍යායාම (ක්‍රීඩා), සමෙහි පවතින එක්‌සීමා වැනි රෝග තත්ත්වයන්, රැකියාව ආශ්‍රිත කරුණු හා දැඩි ආවේගකාර අවස්‌ථාවන්ට මුහුණ දීම වැනි තත්ත්වයන් ඇදුම රෝගයට ගොදුරු වීමට හේතුවන ප්‍රධාන කරුණු බව වෛද්‍ය ගුණසේකර කීවේය. කැස්‌ස, හුස්‌ම ගැනීමේ අපහසුතාවය, පපුවෙහි තද ගතිය, හතිය ඇදුමෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණයන් ලෙස හඳුනාගෙන තිබේ. ඊයේ (16 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශයේ පැවැති ලෝක ඇදුම දිනය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් වෛද්‍ය ගුණසේකර මෙම කරුණු අනාවරණය කළේය.  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

No comments:

Post a Comment

Have a fantastic day.