අපේ පාසල් දරුවන් වැඩි පිරිසකට මන්දපෝෂණය ඒමන්ති මාරඹේ මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් පාසල් යන වයසෙහි දරුවන් හා නව යොවුන් දරුවන්ගෙන් වැඩිදෙනකු ප්‍රොaටීන් ශක්‌ති මන්දපෝෂණයෙන් පෙළෙන බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යංශය පවසයි. මේ යටතේ ඉහත කී වයස් කාණ්‌ඩවලට අයත් දරුවන් උසට සරිලන බර අඩුවීම (කෘශ බව), වයසට සරිලන බර නොතිබීම (අඩු බර) යන මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. මෙයට අමතරව පෝෂණ ගැටලු හේතුවෙන් නාගරික ප්‍රදේශවල පාසල් ළමුන් අතර අධිබර හා තරබාරුකම වැඩිවෙමින් පවතින බවද සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. අවශ්‍ය ප්‍රමාණයට ආහාර නොගැනීම, උදැසන ආහාරය මඟහැරීම, ක්‍ෂණික ආහාර, පැණි බීම, කෙටි ආහාර වේල් වැඩිපුර ගැනීම, එළවළු, පලා, පලතුරු අඩුවෙන් ආහාරයට ගැනීම හා ජලය අඩුවෙන් පානය කිරීම වැනි වැරැදි ආහාර පුරුදු මෙන්ම කාර්යබහුලත්වය හා ව්‍යායාම අඩු ජීවන රටාවකට යොමු වීම මානසික ආතතිය මෙම මන්දපෝෂණ තත්ත්වයන්ට බලපා ඇති බව හෙළිවී තිබේ. මෙකී මන්දපෝෂණ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජාතික පෝෂණ මාසය වන එළඹෙන ජුනි මාසය තුළදී ආහාර පිඟානක තිබිය යුතු නිවැරැදි ආහාර ප්‍රමාණයන් හා ආහාර විවිධත්වය පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් ලබා දීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.
No comments:
Post a Comment
Have a fantastic day.