බුදු සමිඳුන් නිවෙන අයුරු කලාවකට කියනවා තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ (19) කම්මට්‌ඨානාචාරිනී පද්මාවෝ රාජපක්‌ෂ දුකයි හේතුවයි නිවනයි මඟයි නොදත් හන්දා - කෙනෙක් කියා රැවටෙනවළු සිහියෙන් හිඳපල්ලා - කෙනෙක් මෙතන නැහැ නුවණින් දැකලා සැනසියල්ලා - හේතු නිසා ඵල ඇතිවෙයි නොරැවටී හිඳපල්ලා" හරි සරලයි ඒත් ගැඹුරුයි ඒ අදහස නම්. හරිම ලස්‌සනට බුදු පියාණෝ මේ නිවනට පිවිසෙන අයුරු ගැඹුරින් අපේ හදවතට කාවද්දවනවානේ" බුදු පියාණෝ දුකින් ගැලවීමට ඇති ඒකායන මාර්ගයක් ගැන අපිට කියූ සැටි ඔහොම තමයි. ඒකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ යනුවෙන්" කොහොමද මේ ගැඹුරු දර්ශනය මේ තරම් වේගයෙන් අපේ හදවතට කාවැදුනේ? ගීතයක් නොවුනාට පාඨයක් වුණාට එය ඉදිරිපත් කරල තියෙන සරළ රිද්මයානුකූල විලාසය නිසා නේද සුළඟේ? හිත යොමු කරලා බලන්නකෝ සුළඟේ. කාව්‍යාත්මක බවක් තියෙනවානේ මේ පදමාලාවේ" ඒකනේ මම කිව්වේ බුදු පියාණෝ ඔහේ ආවාට ගියාට කළ දේවල් නෙමෙයි මේව කියල. ගාථා කියන්නෙත් ලස්‌සන ගැඹුරු ගීත තමයි. ගීතවත් බව නිසා වේගවත් වෙනවා. වේගයෙන් හදවතට කාවදිනවා. ඉතින් කාව්‍යාත්මකව කලාත්මකව ඉදිරිපත් කරන විට රාගය ඇවිස්‌සෙනවානේ. ඒක සසර සැරිසරන්න හේතුපාදක වෙන්නේ නැද්ද? මොනවද මේ කතා? ඔබ දන්නේ අවුල් කරන්න විතරයි. කුමන රාගයක්‌ද සුළඟේ" හිතන්නකෝ පොඩ්ඩක් ඔය කියන රාගය ඇවිස්‌සෙන නිසා තමයි බුදු පියාණෝ පැවසුවේ මුලින්ම උපේක්‌ඛා සම්මා සමාධිය ඇතිකර ගන්න කියලා" ඉතින් මොනව කරන්නද මේව පිළිපදින්නැති කොට අද? ඇයි මතක නැද්ද විමසලා ඇත්ත හොයන්න ඕනෙ සමාධි සිතකින්මනේ. ඒ ලෞකික සම්මා සමාධිය හෙවත් හතරවන ධ්‍යාන ශක්‌තිය හරහා කිසිවකට නොඇලී විමසා බලමින් ඇත්ත මතුකර ගැනීමට හැකියාව තියෙනවානේ. ඔබට මතකද මෑතකදී පූජ්‍ය අරියධම්ම හිමිපාණෝ ගීතවත්ව බෝධි පූජා පැවැත්වූ ආකාරය. සිත් සතන් තුළට බුද්ධාලම්බන ප්‍රීතිය ගලා ආවා මිසක රාගය ගලා ආවායෑ. චතුර්ත ධ්‍යානයත් ලෞකික සමාධියක් තමයි. නමුත් එතන ලෞකික උපේක්‌ෂාව තියෙනවා. ලෞකික වුවත් ලෝකෝත්තර වුවත් උපේක්‌ෂාව උපේක්‌ෂාවමනේ. ලෞකික උපේක්‌ෂාවෙන් විමර්ශනය කරලා ඇත්ත මතුකර ගන්නකෝ. ඇලෙන්නෙ නැහැ. බියවන්න එපා. ඇත්ත පෙනෙනවා. ඔන්න ඔහොමයි ලෝකයේ ඇත්ත සොයන්නේ. තේරුණා නේද? ඇත්ත දැක්‌කාම ඒ තාවකාලික උපේක්‌ෂාව සදාකාලික උපේක්‌ෂාව බවට පරිවර්තනය වෙනවා. ඒ නුවණයි. ඒ විදර්ශනා උපේක්‌ෂාව පූර්ණත්වයට පත්කරගන්නා උතුමන් වන්නේ රහතුන් හැර වෙන කවුරුන්ද නේද? අසිරියක්. සත්‍ය මඟ සත්‍ය ක්‍රමවේදය සැඟවීමනේ මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. ඇත්ත සොයන්නා ඇත්ත කියා දෙන්නා කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් කම් නැත. ඕව ඉතින් ලෞකික ලෝකයට අදාළ දේ පමණයිනේ. සිව්වනක් පිරිසක්‌ම ඉන්නවානේ. සමවැදිලා බලන්නකෝ ලෞකික සම්මා සමාධියට කුමක්‌ද වෙන්නෙ කියල. විමසන විට කර්මස්‌ථාන අනුව මුළු ලෝකයම හෙලිවෙනවනේ. කලාව හදවතට වේගයෙන් ඇතුළු වන මාධ්‍යයක් පමණයි. ඉතින් ඒ මාධ්‍යය පාදක කරගෙන ඉක්‌මනින් හදවතට ඇතුළු වුනේ කුමක්‌ද කියන එකනේ වැදගත් වෙන්නේ. මුළාවක් තියෙනවා, මුලාවක් තියෙනවා, මුළාවෙන් ගැලවෙන්න, කලාවක් තියෙනවා. කියන්න කියන්න සුළඟේ ගීතවත්ව ඇසෙන දේ වේගයෙන් රඳා සිටිනවා නේද? ගීතවත් බව කාව්‍යාත්මක බව වේගයෙන් හදවතට ළංවන බව ඔබ දන්නවානේ. ඉතින් සුළඟේ ඒ මාධ්‍යය ඔස්‌සේ කුමක්‌ද වේගයෙන් අප තුළට කිඳා බසින්නේ? කාව්‍ය මඟින් දෙන අදහස නේද? ඕකනේ සුළඟේ මෙතන තියන ප්‍රශ්නේ. ලස්‌සනට මඟ පෙන්වා දෙන විට ඇයි පිළිපදින්නේ නැත්තේ? ඒ තමයි පිරිහීමේ ලක්‌ෂණය. බුදු පියාණෝ පෙන්වා දෙනවා සත්‍ය සැඟවී යැමට නොදී සත්පුරුෂයෙක් මඟ පෙන්වා දෙන විට දහම් ඝෝෂාව ඇසෙන විට දෙසවන් යොමුකරන්න කියලා. එසේ නොකළොත් වෙන දේ ගැන දසාරහ සූත්‍රය ලස්‌සනට පෙන්වලා දෙනවා නේද? සත්‍ය නොවන ව්‍යාජ අදහස් ගීතවත්ව ඉදිරිපත් වෙලා ව්‍යාජත්වය කරා සිත් සතන් යොමුවන නිසා සත්‍ය අතුරුදන් වන බව. අධර්මය බැබලෙන්නට පෙර නිවැරදිව වහ වහා අරිඅටඟි මඟ ගමන් කරමින් ධර්මය රැකගැනීමයි යුතුකම. කොහොමද ඒ? ඇයි දන්නේ නැද්ද මැදි මාවතේ ගමන් කළ හැක්‌කේ මැඳුම් සිතකින් පමණක් බව. හොඳට හිතට ගන්නකෝ කලබල නොවී. ඒ ලෞකික උපේක්‌ෂාව බව දැනගන්න" සම්මා සමාධිය නොහොත් සතරවන ධ්‍යාන ශක්‌තිය තමයි ඒ. ඔබ හොඳින් දැනගන්න සුළඟේ කුමක්‌ද මේ සම්මා සමාධිය කියලා. කචමෝච භික්‌ඛවේ සම්මා සමාධී සිත පළමුවන දෙවන, තුන්වන ධ්‍යාන ඉක්‌මවා සතරවන ධ්‍යානයට පිවිසෙන්න. අයං වුච්චතී භික්‌ඛවේ සම්මා සමාධී" කියලනේ බුදුපියාණෝ කියන්නේ. ගීතවත්ව අසා දැනගෙන භාවනාවේ යෙදිල දැකගත්තාම එහි අර්ථවත් අදහස ගීතවත්ව කන වැකෙන විට ඇතිවන සතුට රාගය ගෙන දෙන්නක් නොව. වේගයෙන් හදවතට ඇතුළුවන ඒ ගීත මාධ්‍යයට ඇයි නොඇලෙන්නේ? ඒ තමයි සම්මා සමාධියේ බලය. උපේක්‌ෂාවේ බලය. මධ්‍යස්‌ථ බව. ඔබ දන්නවාද මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්නේ නොඇලෙන මැදුම් සිතකින් කියලා. සත්‍ය දහම අවබෝධ කරගත් අනුශාසනා ප්‍රාතිහාර්යෙන් යුත් සත් පුරුෂයාට හැකියාව තියනවා තමයි සුළඟේ කලාත්මකව ගැඹුර හදවතට කාවද්දන්න.. හැබැයි කාලයාගේ ඇවෑමෙන් මෙහෙම දෙයක් නම් සිදු වෙනවා. ප්‍රවේසම් වෙන්න වෙයි ඔන්න.... සත්‍ය දහම අවබෝධ කරගත් අනුශාසනා ප්‍රාතිහාර්යෙන් යුත් සත් පුරුෂයාට හැකියාව තියනවා තමයි සුළඟේ කලාත්මකව ගැඹුර හදවතට කාවද්දන්න. නමුත් සත්‍ය සැඟවෙන කාලයක් උදාවෙනවා අනාගතයේදී. කියා බුදු පියාණෝ කියනවා. හැබැයි ඒ ඔබ අද රැවටුනොත්නේ. අහගන්නකෝ මේ කථාව. ඔන්න ශාඛ්‍යයෝ මහන්සි වී වැඩ කරලා අස්‌වැන්න නෙළාගන්නා දවසත් උදා වෙනවා. අස්‌වැන්නෙන් දහයෙන් එකක් හිමි අය තමයි දසාරහ කියන්නේ. ඉතින් වෙහෙසිලා වැඩ කරලා අස්‌වැන්න නෙළාගත් දසාහරලා පසු දිනට පහන් වන තුරුම බෙර වයා සතුටු වෙනවා.. මොවුන් මිහිඟු බෙර වයද්දී දවසක් ඔවුන්ගේ මිහිඟු බෙරය පැළුණා. ඇණයක් ගැසුවා. හඬ තරමක් බොල් වුණා. ලස්‌සන හඬ අතුරුදන් වුණා. යළි යළිත් මෙලෙස සිදු වුණා. නිවැරදි පිරිසිදු මිහිඟු බෙර හඬ නැතිව ගියා. බෙරය තියනවා. නමුත් ලස්‌සන හඬ නැහැ. බුදු පියාණෝ කියනවා. මඟේ පිරිසිදු දහමටත් මේ ටික වෙනවා. ඔබ කල්පනාවෙන් නොහිටියොත් කියල. හදවතට විගහින් ඇතුළු වන ගීත මාධ්‍යය මඟින්ම දහමේ විනාසයද ළඟාවන බව බුදු පියාණෝ පැවසුවා එදා. ගීතවත්ව දහම යයි පවසමින් මිථ්‍යා අදහස් ඉදිරිපත් වීමෙන් සත්‍ය මඟ වැසී යන බව පෙන්වනවා. ඉතින් විඳ විඳ සැරි සරනවා. සත්‍ය දහම ත්‍රිපිටකාරූඪව තියෙනවා. නමුත් ලෝකෝත්තර සත්පුරුෂ සංසේවනය අතුරුදන් වෙලා. සත්‍යය නොපෙනෙන නිසා නොදැනීම නිසා සත්‍යය යයි රැවටිලා අසත්‍යයට හිත යොමුවෙනවා.. මිත්‍යා අදහස්‌ද එක් වෙමින් සත්‍යය සැඟවී යන අකාරය දකිනවා බුදු පියාණෝ. නමුත් එතෙර වෙන්න විධියක් නෑ. හරියට මිහිඟු බෙරයට වෙච්ච වැඩේ තමයි බුදු දහමටත් වන්නේ. ඊට පෙර සත්‍ය දැකගන්නා ආකාරය ඉඳ හිට හෝ මතු වන විට වහා සිත් යොමු කරමු. ඉතින් අපි කල්පනාවෙන් වැඩකරමු නේද සුළඟේ?.  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.
Friday, April 22, 2016
Bee taking honey from a flower without harming the nature.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Have a fantastic day.