Saturday, April 9, 2016
Pls connect local /overseas people for the urgent support to the tempel.



  


තිරිවානගල්ගොඩ ශ්‍රී ශාක්‍යසිංහාරාමය රැකදෙමු

බුලත්සිංහල - අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිමේ පවතින තිරිවානගල්ගො ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථානයේ සියලුම ගොඩනැඟිලි විනාශයට ලක්ව පවතී.
රටට, ජාතියට, කවියට විශාල සේවාවක්ද සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස අති උත්තර වූ මෙහෙවරක් සිදුකළ සුප්‍රසිද්ධ කවි හිමිනමක් වූ කළුතර රත්නපුර දෙදිසාවේ අධිකරණ සංඝනායක වැඩ සිටි හොරණ කඳණේ ශ්‍රී සරණපාලාභිධාන තිස්ස හිමියන් සැකකටයුතු ලෙස අපවත්වීමෙන් පසුව අවුරුද්දක් තිස්සේ මෙම විහාරය කැලෑවට යටවෙමින් පැවැතිණි.
මේ වනවිට එහි විහාරාධිපතිව සිටින වළකඩ මහින්ද තිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ඉලුක්පත පියරතන හිමියෝ සහ විහාරස්ථදායක සභාව විහාරයට යළි පුනර්ජීවයදීමට දැඩි කැපවීමක් කළත් දුප්පත් දායක දායිකාවන් හට පවා සිව්පසයෙන් උපස්ථාන කරනවාට වැඩිය යම් බරක් ධනයක් වැය කිරීමට නොහැකිව දැඩිව අසරණ වී පසුවෙති.
'අනේ පින් අයිති වෙයි මහත්තයෝ මේ ලිපිය කියවන දානපතියන්ගේ සහ රජයේ වගකිවයුතු අංශවල නිලධාරීන්ගේ අවධානය යොමුකර විහාරස්ථානය ආරක්ෂා කරදීමට කටයුතු කරන්නටය කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා' යෑයි විහාරාධිකාරී පියරතන හිමියෝ ඉල්ලා සිටියේ ඉමහත් බලාපොරොත්තු ඇතිවය.
විහාරස්ථානයේ ආවාස මන්දිරයේ වහලය මුළුමනින්ම දිරාගොස්ය. බිත්ති ඉරිතලා පුපුරා ඇත. ධර්ම ශාලාව ඊට නොදෙවැනිය. වහළයේ බිඳී ගිය උළු අතරින් රාත්‍රියට හිරු එළියක්, දහවලට හිරු එළියත්, වැස්සට ජලයත් පොළව පුරා උතුරා ගලා යයි. මේ නිසා වහලයේ පරාල රීප්ප ආදිය දිරාපත්වීම සීග්‍ර සෙ වර්ධනය වී තිබේ. ගිනිගල් ගෙයද වහලය කඩා වැටෙමින් පවතී. භාග්‍යවත් සම්බුදු හිමියන් වැඩ සිටින පුංචි විහාර මන්දිරය පවා අනිත්‍ය පසක් කරන්නාක් සේ දිස්වේ.
විහාරස්ථානයට ගමන් කිරීමට හැකි මාර්ගයක්ද නොමැත. පිපාසය සංසිඳුවා ගැනීමට, බුද්ධ පූජාව තැබීමට, ගිලන්පස සඳහා පැන් ලබාගැනීමට පවා නොහැකිව විහාරාධිකාරී හිමියෝ දැඩි ජල හිඟයකට ගොදුරුව පසුවෙති. මෙම විහාරය ගොඩනැගීම උදෙසා රටේ බෞද්ධ දානපතින්ගේ අවධානය යොමු වේවා යෑයි අප ප්‍රාර්ථනා කරමු.
නන්දන ශ්‍රී කෝට්ටේගොඩ

Powered By - 

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Have a fantastic day.